මැතිවරණ කොමිසමෙන් මහ බැංකු අධිපතිට ලිපියක්

මැතිවරණ කොමිසමෙන් මහ බැංකු අධිපතිට ලිපියක්

මැතිවරණ කටයුතු සදහා ප‍්‍රමාණවත් ප‍්‍රතිපාදන සපයා දෙන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසම විසින් මහ බැංකු අධිපතිට ලිපියක් යොමුකර තිබෙනවා.

එමගින් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචි හේවා මහතා ඉල්ලා සිටින්නේ ඉන්ධන සහ විදුලිය අඛණ්ඩව සැපයීම සදහා ලංකා විදුලිබල මණ්ඩලයට මෙන්ම ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ප‍්‍රමාණවත් මුදලක් ලබා දෙන ලෙසයි.

ඒ සදහා අවශ්‍ය පියවර නොගන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙන බවද මැතිවරණ කොමිසම යොමු කළ ලිපියෙහි සදහන්.

Share This