‘මැණිකේ මගේ හිතේ’ මිලියන 100ත් පන්නයි

‘මැණිකේ මගේ හිතේ’ මිලියන 100ත් පන්නයි

ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වූ නව පරපුරේ ගායන ශිල්පිනියක වන යොහානි සිල්වා ගායනා කළ ‘මැණිකේ මගේ හිතේ’ නව ගීතය යූ ටියුබ් නැරඹුම් වාර මිලියන 100 ඉක්මවා ගියා.

මෙරට ගීතයක් Youtube නැරඹුම් වාර මිලියන 100 ඉක්මවූ පළමු අවස්ථාව මෙයයි.

ඒ අනුව යෝහානි කෙටි කලක් තුළ යූ ටියුබ් හි මිලියන 100 ක නැරඹුම් වාර සංඛ්‍යාවක් ලබා ගත් පලමු ශ්‍රී ලාංකිකයා බවට ද පත් වුනා.

මේ වනවිටත් බොහෝදෙනෙක් ‘මැණිකේ මගේ හිතේ’ දමිළ සහ හින්දි version ඇතුළු භාෂා ගණනාවකින් ගායනා කර සමාජ මාධ්‍ය වෙත විඩියෝ මුදා හැර තිබෙනවා.

ඉන් බහුතරය ඉන්දියානුවන්.

‘මැණිකේ මගේ හිතේ’ මේ තරම් ජනප්‍රියවීමේ මූලාරම්භය ලෙස සැළකෙන්නේ අමිතාබ බච්චන් ඔගු රංගනයෙන් දායකවන ගීතයක රූපරාමුවකට යෝහානිගේ ගීතය යොදාගනිමින් සකස් කර තිබූ වීඩියෝවක්.

ලොව ප්‍රධානතම වයිරල් වීඩියෝ 50 අතරට මැණිකේ මගේ හිතේ ගීතය ඇතුලත්ව තිබෙනවා.

ඉන්දියා ඇපල් මියුසික් ශ්‍රේණිගත කිරීම් අනුවද පළමු ගීත 100 අතරින් 8 වන ස්ථානය ලබා ගෙන ඇත්තේ මෙම ගීතයයි.

ශ්‍රී ලංකා ඇපල් මියුසික් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පැමිණීමට ද මැණිකේ මගේ හිතේ ගීතය සමත්වුණා.

යූ ටියුබ් හි මිලියන දෙකකට වැඩි ග්‍රාහකයින් පිරිසක් ලබා ගැනීමට හැකි වූ පළමු ශ්‍රී ලාංකික කලාකාරිනිය වන්නේත් යොහානි.

මේ ගීතයේ මුල් ගායකයා සතිශාන් රත්නායක වන අතර පද රචකයා දුලාන් ARX .

Share This