
මාවනැල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති ධූරයෙන් ඉවතට
මාවනැල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති නොයෙල් දසන්ත ස්ටීවන් මහතා එම ධූරයෙන් සහ සභික ධූරයෙන් ඉවත් කර තිබෙනවා.
ඒ සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් මගින්.
ඊයේ සිට බලපැවැත්වෙන පරිදි මෙම ඉවත් කිරීම සිදුකර ඇති අතර හිටපු සභාපතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා පත්කළ විශ‍්‍රාමලත් අධිකරණ නිලධාරීයාගේ පරීක්ෂණ වාර්තාවට අනුවයි ආණ්ඩුකාරවරයා මෙම තීරණය ගෙන ඇත්තේ.