
පාරේ ගැවසෙන වන අලින්ට ඔබත් ආහාර දෙනවද ?
කැළෑ ප්‍රදේශ හරහා වැටි ඇති මාර්ග දෙපස ගැවසෙන වන අලින්ට ආහාර ලබාදෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ එය දඩුවම් ලැබිය හැකි වරදක් වන බවයි. .
කැළෑබද ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ගවල ගමන් ගන්නා වාහන මඟින් මාර්ගය දෙපස ගැවසෙන වන අලින් සඳහා ආහාර ලබාදීම හේතුවෙන් එම සතුන් මාර්ගය ආසන්නයට පැමිණීමට පෙළඹී ඇතැයි ද සදහන්.
මේ හේතුවෙන් එම මාර්ගවල ධාවනය කරන රථ වාහනවලට බාධා කරමින් වන අලින් ගැවසීම සුළබව සිදු වූ බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ
මේ අතර අනවසර විදුලි රැහැන්වල ගැටීමෙන් ගත වූ මාස 07 ක කාලය තුළ වන අලින් 36 දෙනෙකු මියගොස් තිබෙනවා.
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ වන සතුන්ගෙන් වගා භූමි සහ දේපළ ආරක්ෂා කරගැනිම සඳහා ඇතැම් පුද්ගලයින් අනාරක්ෂිත විදුලි රැහැන් ඇද ඇති බවයි.
සිය දෙපාර්තමේන්තුව මහින් විදුලි වැට ඉදිකරනු ලබන්නේ විද්‍යාත්මක හා තාක්ෂණික පිරිවිතරයන්ට අනුව වන අතර ඇතැම් පුද්ගලයින් විසින් එම ක්‍රමවේදයෙන් බැහැරව සකස් කරන ලද අනවසර විදුලිරැහැන් හේතුවෙන් වන අලින් මිය යාම ඉහලඅගයක් ගන්න බවයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළේ.
මේ අතර තේක්ක රාජා හස්තියා මියගොස් ඇතැයි වාර්තා වනවා.
අඩි 4ක පමණ දිගින් යුත් දළ යුගලක් හිමි එම හස්තියා දික්වැව කැලෑ ප්‍රදේශයේ මියගොස් සිටිය දී ඊයේ දිනයේ දී සොයාගෙන ඇති බව සදහන්.