මාතලේ සහ මහනුවරට නායයෑමේ අවධානම් නිවේදන.

මාතලේ සහ මහනුවරට නායයෑමේ අවධානම් නිවේදන.

මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්ක සඳහා නායයෑමේ අවධානම් නිවේදන නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිළි පර්යේශන ආයතනය සඳහන් කළේ ඊයේ සිට එම ප්‍රදේශයට බලපා ඇති වැසි සහිත කාළගුණික තත්ත්වය හේතුවෙන් මෙම නිවේදන නිකුත් කර අති බවයි.

මේ අතර කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ හටගෙන ඇති අඩු පීඩන කළාපය හේතුවෙන් අද පස්වරුවේත් නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත් වල මෙන්ම මුලතිව්, වව්නියා සහ මාතලේ දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වලට මිලි මීටර් සියයට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි.

Share This