මහ කන්නයට සියල්ල සූදානම් – කෘෂිකර්ම ලේකම්ගෙන් ගොවීන්ට උපදෙස්

මහ කන්නයට සියල්ල සූදානම් – කෘෂිකර්ම ලේකම්ගෙන් ගොවීන්ට උපදෙස්

පොහොර නොලැබේ යැයි සැකයෙන් පසු නොවී මහ කන්නයේ වී වගා කටයුතු ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා ගොවීන්ගෙන් ඉල්ලීමක් කරනවා.

නොවැම්බර් මස මුල් සතිය වනවිට ගොවීන්ට අවශ්‍ය සියලු‍ පොහොර ලබාදීමට පියවර ගන්නා බවයි හෙතෙම කියා සිටියේ.

එබැවින් පොහොර අර්බූධයක් කිසිසේත් ඇති නොවන බව මහාචාර්ය උදිත් ජයසිංහ මහතා අවධාරණය කළා.

2021 – 2022 මහ කන්නය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව එම ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර ඇතුළු‍ ද්‍රව්‍ය අද සිට ලබාදීම ආරම්භ කරළ බවයි කෘෂිකර්ම බලධාරීන් පැවසුවේ.

පොටෑසියම් ක්ලෝරයිඩ් අඩංගු කාබනික පොහොර මෙට්්‍රක් ටොන් තිස් දහසක් ඊයේ කොළඹ වරාය වෙත රැගෙන එනු ලැබුවා.

ඒවා ඊයේ රාත්‍රියේම මහ කන්නයේ ගොවිතැන් කටයුතු ප්‍රමුඛව ආරම්භ කෙරෙන අම්පාර දිස්ත්‍රික්කයටත් අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල, මඩකලපුව, හම්බන්තොට සහ පුත්තලම ඇතුළු වී වගා කටයුතු ආරම්භ කර ඇති දිස්ත්‍රික්කවලට බෙදාහැරීමටයි පියවර ගනු ලැබුවේ.

මේ අතර ගොවිබිම් විවිධ සමාගම් අතට පත්කිරීමේ සැලැස්මක් මේ වන විට ක්‍රියාත්මක වන්නේදැයි සැක මතුවන බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කරනවා.

මේ එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න.

Share This