මහේල, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සමුදෙයි

මහේල, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සමුදෙයි

ලෝක කුසලාන T20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස සේවය ලබාදුන් මහේල ජයවර්ධනගේ සේවා කාලය අදින් නිමා වී තිබෙනවා.

ඒ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තහවුරු කර ඇති බවයි වාර්තා වන්නේ.

මහේල ජයවර්ධනගේ පුහුණුකිරීම් මත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේදී ඉතා ඉහළ දස්කම් දක්වමින් සුපිරි කණ්ඩායම් 12 අතරට පිවිසෙන්නට සුදුසුකම් ලබා ගත්තා.

කිසිදු මුදල් අයකිරීමකින් තොරව සිදු කළ මෙම උපදේශකත්වය පළමු වටයේ තරග සඳහා පමණක් ලබාදෙන බවයි මහේල ජයවර්ධන මීට පෙර ද ප්‍රකාශ කර තිබුණේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ පරිණත පුහුණුකරුවකු වන මහේල ජයවර්ධන, මීට පෙර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද සේවය කළා

Share This