මහේල ජයවර්ධන යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක තනතුරට

මහේල ජයවර්ධන යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක තනතුරට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රවීණ ක්‍රීඩකයෙකු වූ මහේල ජයවර්ධන ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන මීළඟ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ පුහුණු උපදේශකයෙකු ලෙස පත්කර තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදී පැවැත්වෙන මෙම යොවුන් තුන්කොන් ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා නම් කර ඇති 15 දෙනෙකුගෙන් යුත් සංචිතය අද දිනයේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

එහි නායකත්වය ශෙවෝන් ඩැනියෙල්ට හිමිව තිබෙනවා.

ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය එක්වන මෙම තුන්කොන් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය දින කිහිපයේම පුහුණුවීම්වල නිරතවූ අතර ඒ මහේල ජයවර්ධනගේ උපදේශකත්වය යටතේයි.

Share This