මහින්ද සමරසිංහ ඉල්ලා අස්වීමේ ලිපිය බාරදෙයි

මහින්ද සමරසිංහ ඉල්ලා අස්වීමේ ලිපිය බාරදෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාට භාර දී තිබෙනවා.

ඔහු මෙලෙස ඉල්ලා අස්වන්නේ මෙක්සිකෝවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ තානාපතිවරයා ලෙස වැඩ භාර ගැනීම සඳහායි.

ඔහුගෙන් හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය සඳහා නම් කරන්නේ කවුරුන්ද යන්න තීරණය කළ යුත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයායි.

ඒ අනුව මහින්ද සමරසිංහ මන්ත්‍රීවරයාට පසු කලුතර දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ 9 වැනි ස්ථානය හිමි වූ මන්ජු ලලිත් වර්ණකුමාර මහතා ඒ සඳහා පත්කෙරෙනු ඇති.

Share This