මහානායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්.

මහානායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්.

අස්ගිරි, මල්වතු, අමරපුර සහ රාමඤ්ඤ මහා නිකායන්හි මහ නාහිමිවරුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේදී ජනාධිපතිවරයා සහ සියලූ පක්ෂ නායකයින් එකඟ වියයුතු කරුණු ඇතුළත් යෝජනාවලියක් ද දක්වමිනුයි එම ලිපිය යොමුකර ඇත්තේ.

දේශපාලනික හා ආර්ථික ස්ථාවරත්වයක් තුළින් ජනජීවිත සුරක්ෂිත කිරීමට වහා ක‍්‍රියාත්මක වියයුතු බවද ඉන් අවධාරණය කර තිබෙනවා.

තවද ඉහළ යන ජීවන වියදම හමුවේ පීඩනය දරාගත නොහැකි මහජනතාව මුහුණදෙන දුක් ගැහැට දිනෙන් දින ඉහළ යමින් පවතින අතර අත්‍යවශ්‍ය ආහාර ඖෂධ හා ඉන්ධන සපයා ගැනීමේ දුෂ්කරතාවයෙන් හෙම්බත්ව සිටින ජනතාව මූලික ජීවන අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට අසමත්ව දැඩි මානසික පීඩාවකට ලක්ව සිටින බව ද මහනාහිමිවරුන් සිය ලිපිය මගින් පෙන්වා දෙනවා.

Share This