මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහර අද

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහර, අද (06) වීදී සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

ඒ, අද පස්වරු 7.15 ට යෙදෙන සුබ මොහොතින්.

ඊයේ පැවැති සිව්වැනි කුඹල් පෙරහර නැරඹීමට විශාල පිරිසක් එක්ව සිටි බව සිත නිව්ස් 24 අප වාර්තාකරු සඳහන් කළා.

ඊයේ පෙරහර දකුණු දිශාභිමුඛව පස්වරු 7.09යට යෙදුණු සුබ මොහොතින් ආරම්භ කෙරුණු අතර ශ්‍රී දළඳා මාළිගාවේ ඉන්දි රාජ හස්තියා විසින් සාදාතුක කරඬුව වැඩම වනු ලැබුවා.

බුරුමරාජා හා මියන්රාජා දෑලේ ඇතුන් ලෙස ගමන් කළා.

ශ්‍රී දළඳා මාළිගා පෙරහර නාථ, විශ්ණු, කතරගම සහ පත්තිනි යන සිව් මහා දේවාල පෙරහර සමඟින් වීදී සංචාරයට එක් වුණා.‍

Share This