වඩිවෙල් සුරේෂ්ට සමගියෙන් විනය ක්‍රියාමාර්ග

වඩිවෙල් සුරේෂ්ට සමගියෙන් විනය ක්‍රියාමාර්ග

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතාට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බව එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ පක්ෂයේ විනය මණ්ඩලය ඉදිරි දින කිහිපය තුල ඊට අදාළ පියවර ගනු ඇති බවයි.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ඊයේ පස්වරුවේ පැවති ඡන්ද විමසීමේදී වඩිවේල් සුරේෂ් ආණ්ඩුවේ යෝජනාවට සහය පළ කරමින් සිය ඡන්දය භාවිත කර තිබුණා.

ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට හේතු වී ඇත්තේ මෙම තීරණයයි.

Share This