මවගේ වියෝව වෙනුවෙන් චන්ද්‍රසේන හෙට්ටිආරච්චි තැබූ සංවේදී සටහන

මවගේ වියෝව වෙනුවෙන් චන්ද්‍රසේන හෙට්ටිආරච්චි තැබූ සංවේදී සටහන

චන්ද්‍රසේන හෙට්ටිආරච්චි කියන්නේ පරණ පරම්පරාව වගේම අලුත් පරම්පරාවෙත් ආදරය දිනාගත්ත ප්‍රවීණ ගායන ශිල්පියෙක්. ඔහුගේ සුමියුරු හඬ පෞරුෂය නිසාම බොහෝ දෙනෙක් ඔහුට  ආදරේ කරනවා. ඔහුගේ ගීත වලට පෙම් බඳිනවා.

අම්මා… ජීවන උයන් තෙරේ, සීත කඳු යායේ ඇතුළු ගීත සියල්ලම පාහේ ජනතාව ආදරයෙන් වැළඳගත් නිර්මාණ බවටත් පත්වුණා.

ඉතින් පසුගිය දවසක ඔහු ෆේස්බුක් සමාජ ජාලයට ඡායාරූප කිහිපයක් එකතු කරලා තිබුණා. ඒ, ඔහුගේ මවගේ තුන්වන අනුස්මරණ දානමය කටයුත්ත ඔවුන්ගේ නිවසේ දී පැවැත්වුණු බව සටහන් කරමින්. එහිදී ස්වාමීන් වහන්සේලා නිවසට වැඩමවා ගෙන උතුම් සාංඝික දානයක් නිවසේ සියලූ අයත් සහභාගී කරවගෙන ඔහු මවට පින් පැතීම වෙනුවෙන් සිද්ධ කරලා තිබුණා.

මගේ අම්මා අපිව තනිකරල ගිහින් අදට අවුරුදු තුනයි. වෙනුවෙන් මමත් මගේ පවුලේ අයත් පුංච් පිං කමක් කලා. පිං බලයේ මහිමයෙන් මගේ අම්මාට හොඳ ආත්මයක් ලැබීමට හේතු වාසනා වේවා.”

අම්මගේ පොඩි පුතා

ලෙස තමයි ඔහු සටහන ඉදිරිපත් කරලා තිබුණේ.

Share This