මවක් දරු දෙදෙනා සමග චන්ද්‍රිකා වැවට පනී – පස් හැවිරිදි දියණිය මරුට

මවක් දරු දෙදෙනා සමග චන්ද්‍රිකා වැවට පනී – පස් හැවිරිදි දියණිය මරුට

මවක් සිය දරුවන් දෙදෙනා සමග ඇඹිලිපිටිය – චන්ද්‍රිකා වැවට පැන සියදිවි නසා ගැනීමට උත්සාහ කර තිබෙනවා.

35 හැවිරිදි මව එලෙස චන්ද්‍රිකා වැවට පැන ඇත්තේ සිය 5 හැවිරිදි දියණිය සහ 11 හැවිරිදි දරුවා සමගයි.

සිද්ධියෙන් පස් හැවිරිදි දියණිය ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මව සහ 11 හැවිරිදි දරුවා ඇඹිලිපිටිය පොලීසියේ ජිවිතාරක්ෂක කණ්ඩායම් විසින් මුදාගෙන රෝහල් ගත කර ඇති අතර, මව ඇඹිලිපිටිය මහ රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

මව මෙලෙස සියදිවි හානි කර ගැනීමට තැත් කිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පොලිසිය සදහන් කළේ.

Share This