
මලල ක්‍රිඩා නව ජාතික වාර්තා 3 ක්
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරන 58 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා මලල ක්‍රිඩා ශුරතාවලියේදී නව ජාතික වාර්ථා 3ක් බිහිකිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්ව තිබෙනවා.
මීටර් 10,000 කාන්තා ඇවිදිමේ තරගය ශ්‍රී ලංකා කාන්තා බළකායේ ලාන්ස් කෝප්‍රල් මදිරිකා විසින් විනාඩි 49 තප්පර 25 දශම 97ක නිම කලේ එහි ජාතික වාර්ථාව තමන් සතු කර ගනිමින්.
එම තරගයේ පිරිමි අංශයේ ජාතික වාර්තාව ගජබා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ප්‍රනාන්දු විසින් විනාඩි 45 තප්පර 12 දශම 22ක නිමි කාලයක් වාර්තා කරමින් තමන් සතු කරගත්තා.
රිටි පැනීමේ පිරිමි ඉසව්වෙන් නව ජාතික වාර්තාවක් යුද්ධ හමුදා සේවා බළකායේ ලාන්ස් කොප්‍රල් ජනිත් පිහිට වුයේ මීටර් 5 දශම 16ක දක්ෂතාවයක් සටහන් කරමින්.
58 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා මලල ක්‍රිඩා ශුරතාවලිය ඊයේ දියගම ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේදී ආරම්භ වුණා.