මම හිතනවා මම සෙක්සි කියලා – සප්නා කරීම්

මම හිතනවා මම සෙක්සි කියලා – සප්නා කරීම්

රංගන ශිල්පිනියක් ලෙසින් කලා ක්ෂේත්‍රයට එක්වූ සප්නා කරීම් අද වන විට චිත්‍රපට හා ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් මෙන්ම ජනප්‍රිය මෝස්තර නිරූපිකාවක් ලෙස බොහෝදෙනෙක් හදුනනවා.

උපතින් මැලේ ජාතික තරුණියක් වන ඇය රංගන ක්ෂේත්‍රයට එක්ව තමන්ගේ ජීවිතය නිදහසේ ගෙවමින් සිටින බව සදහන්.

” අන්ඩවර්ල්ඩ්, උකුසු ඇස්, ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ ” වැනි චිත්‍රපට වල රංගනයෙන් දායකත්වය ලබාදුන් චරිත නිසාම ඇය සමාජයේ කතාබහට ලක්වූණා.

කොහොමවුනත් ඇය හැමෝටම උදව් උපකාර කරන නිහතමානී කලාකාරිනියක් කියලා තමයි හැමෝම කියන්නේ.

අඩ නිරුවත් හා කොටට අඳින ලද ඇඳුම්වලින් ගත වසාගත් ඡායාරූප සමාජ මාධ්‍ය වල පළ කිරීම නිසා බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන ඉන්න ඇය , ඇගේ හැඩ ගැන කියලා තිබුනේ මෙන්න මේ විදියට..

” මම හිතනවා මම සෙක්සි කියලා. සමහරුත් එහෙම කියනවා. “

ඒ වගේම ඇය කියලා තියෙනවා නයිට් ක්ලබ් ගිහින් හොදට විනෝද වෙනවා කියලත්.

” බොරු කියන්නේ මොකටද මම නයිට් ක්ලබ්වලට යනවා. මගේ ලයිෆ් එකේ හැටියට මම ජිවිතේ විඳිනවා. මට විඳවන්න ඕනේ නෑ. නයිට් ක්ලබ් ගියා කියලා අපි නරක චරිත කියලා කියන්නේ කොහොමද? ඒක හොඳට විනෝද වෙන්න පුළුවන් තැනක්. මගේ යාළුවොත් එක්ක තමයි ඒවාට යන්නේ.”

Share This