මම නිර්මාණයක් කරද්දි මිනිස්සු ඒකට කැමති වෙයි ද නැද්ද කියලා හිත හිත නිර්මාණ කරන්නේ නැහැ. – සමනලී ෆොන්සේකා

මම නිර්මාණයක් කරද්දි මිනිස්සු ඒකට කැමති වෙයි ද නැද්ද කියලා හිත හිත නිර්මාණ කරන්නේ නැහැ. – සමනලී ෆොන්සේකා

රංගන ශිල්පිනියක් වගේම ගායිකාවක් විදිහටද බොහෝ දෙනාගේ ආදරය දිනාගෙන ඉන්න කෙනෙක් තමයි සමනලී ෆොන්සේකා.

ඇයව තවත් බොහෝ දෙනා අතරේ කතා බහට ලක් වුණා ඇයගේ අලුත්ම ගීතය වන හාදුවක් කියන ගීතය එක්ක.

අලුතින් නිර්මාණය කරන චිත්‍රපටයකට වගේම ටෙලිනාට්‍යකට ආරාධනා ලැබිලා තියෙනවා වගේම ඇගේ නිර්මාණ ගැනත් ඇය මෙහෙම කියනවා.

මම ගීතයක් කරද්දි මේකට ප්‍රතිචාර ගොඩක් එයිද කියලා හිත හිත කරන්නේ නැහැ.

මම කැමති දේ කරනවා.

හාදුවක් ගීතයේ විශේෂත්වයක් තියෙනවා.

ආදරවන්තයින්ට තියෙන ප්‍රශ්න, ඒ අයට සමාජයේ තියෙන ඉඩ, සමාජය ආදරවන්තයින් දිහා බලන විදිය වගේ දේවල් මේ ගීතයෙන් කතා කරනවා.

සාමාන්‍ය සමාජයේ ගොඩක් ඉන්නේ මධ්‍යම පාන්තික සහ ඊට අඩු මිනිස්සු.

ඒ ගොඩ දෙනෙක් ගමන් කරන්නේ බස් එකේ. පෙම්වතුන් ආදරය කරන්නේ බස් එකේ. ඒ අතරෙ ඒ අයට එල්ල වෙන සමාජීය ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න මේ හැම දේම අතර තමයි ඒ අයට ආදරේ කරන්න වෙලා තියෙන්නේ.

කලාකරුවෙක්ට පුලුවන් වෙන්න ඔනෙ මිනිස්සුන්ගේ දෘෂ්ඨිය, පරිකල්පනය, මිනිස්සු හිතන විදිය මේ හැම දේ ගැනම තව ටිකක් එහාට ගිහින් හිතන්න.

Share This