මන්ත්‍රී දයාසිරි සී.අයි.ඩී යට

මන්ත්‍රී දයාසිරි සී.අයි.ඩී යට

තම අත්සන ව්‍යාජ ලෙස භාවිතා කිරීමේ සිදුවීමකට අදාළව පැමිණිල්ලක් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (24) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට ගොස් තිබෙනවා.

පළාත් පාලන මැතිවරණය සඳහා දෙහිවල ගල්කිස්ස මහනගර සභාවට නාම යෝජනා ලබා දීමේදී තම අත්සන ව්‍යාජ ලෙස භාවිතා කර කොළඹ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා වෙත නාමයෝජනා පත්‍රයක් භාර දී ඇතැයි මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ සඳහන් කළා.

දෙහිවල ගල්කිස්ස මහනගර සභාව වෙත අත ලකුණ යටතේ තම පක්ෂය ඉදිරිපත් නොවූ බවත්, තමා එවැනි නාමයෝජනා පත්‍රයකට අත්සන් නොකළ බවත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා.

තම අත්සන හොරට ගැසූ අය මෙන්ම එයට අනුබල දුන් අය සොයා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා තමන් මෙම පැමිණිල්ල කළ බවද ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Share This