
මන්ත්‍රී අලි සබ්‍රී රහීම් රේගු භාරයට
මුස්ලිම් මහජන කොංග‍්‍රසයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අලි සබ්‍රී රහීම් මහතා අද දහවල් කටුනායක ගුවනක්තොටුපල රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගනු ලැබුවා.
ඒ මැදපෙරදිග සිට ප‍්‍රකාශ නොකළ රත‍්‍රං කිලෝග‍්‍රෑම් 3.5ක් මෙරටට ගෙන ඒමට උත්සාහ කිරීමේදීයි.
මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන ප‍්‍රශ්න කරන බව සඳහන්.