මධ්‍යයම චීනයේ ගංවතුරෙන් උමං දුම්රිය මාර්ගයක් යටවෙයි.

මධ්‍යයම චීනයේ ගංවතුරෙන් උමං දුම්රිය මාර්ගයක් යටවෙයි.

මධ්‍යම චීනයට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අධික වැස්ස හේතුවෙන් චීනයේ, හෙනාන් ප්‍රාන්තයේ මේ වන විට පුද්ගලයින් දස දහසක් පමණ අවතැන් වී ඇති බවද සඳහන්.

එම ප්‍රාන්තයේ වෙසෙන මිලියන 94ක ජනතාවට අවදානම් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

මේ හේතුවෙන් මධ්‍යම චීනයේ උමං දුම්රිය ගමන් සහ ගුවන් ගමන් රැසක් ද අවලංගු කර තිබෙනවා.

මේ අතර ෂෙන්ගාෂූ ප්‍රාන්තයේ උමං දුම්රිය මාර්ගයක දුම්රියක් වැසි ජලයෙන් යටවී තිබෙනවා.

එම අවස්ථාවේදී දුම්රියේ මගීන් ගමන් කර ඇති බවද සඳහන්.

ජලයෙන් යටවූ දුම්රියේ සිටි මගීන් ගලවා ගැනීම සඳහා හමුදා සෙබළුන් යෙදවූ බවයි වාර්තා වන්නේ.

Share This