
මට්ටකුලියේදී පහරකෑමකට ලක් වූ අයෙක් ජීවිතක්ෂයට
නාඳුනන පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් මට්ටකුලිය ප්‍රදේශයේදී ඊයේ (23) රාත්‍රියේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත් වී තිබෙන්නේ මට්ටකුලිය ප්‍රදේශයේ පංදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක්.
පොලිසිය පවසන්නේ තිරෝද රථයකින් පැමිණි පිරිසක් මියගොස් ඇති පුද්ගලයා සිය නිවස ඉදිරිපිට සිටියදී තියුණු ආයුදවලින් පහරදී පළාගොස් ඇති බවයි.
පහරකෑමෙන් බරපත තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.
මට්ටකුලිය පොලිසීය සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.