මගේ වෘත්තිය රංගනය නෙවෙයි – මම රාජ්‍ය සේවිකාවක් – දිල්හානි

මගේ වෘත්තිය රංගනය නෙවෙයි – මම රාජ්‍ය සේවිකාවක් – දිල්හානි

දිල්හානි වීරසිංහ කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක්. මේ දිනවල රූපවාහිනී නාලිකා කිහිපයක ටෙලිනාට්‍ය වලට ඇය සිය දායකත්වය දක්වනවා.

May be an image of one or more people and outdoors

කොහොම වුණත් ඇගේ වෘත්තිය රංගනය නෙමෙයි. රාජ්‍ය සේවයේ වෘත්තියක නියැලෙන අතරේ තමයි රංගන කටයුතුවලටත් දායක වෙන්නේ.

ඇගේ ගම අනුරාධපුරය. අම්ම,තාත්ත, නංගිලා දෙන්න තමයි පවුලේ ඉන්නේ. තාත්තා ව්‍යාපාරිකයෙක්. පවුලේ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණ පළවැනි කෙනා දිල්හානි.

No photo description available.

ඇය කියන විදියට ඇගේ අරමුණ වෙන්නේ හොඳට ඉගෙන ගන්න අතරේ රංගන ක්ෂේත්‍රයේ ඉදිරියට යාම. ඉතින් ඒ නිසාම ප්‍රාසාංගික කලාවේදී උපාධිය ලබා ගෙන තවදුරටත් ඉගෙනීම් කටයුතුවල යෙදෙන බවයි ඇය කියන්නේ

No photo description available.

ඇය මෙතෙක් ආපු ගමන ගැන වගේම, ඇගේ ඉදිරි බලාපොරොත්තු පිළිබඳවත් මෙහෙම කිව්වා…

“රංගනයේදී මගේ ජීවිතයට බොහෝ අත්දැකීම් ලැබුණා. විවිධ පුද්ගලයන් හමුවුණා. ඉතින් නිහතමානී පුංචි සතුටක් තියෙනවා. මම නර්තනයේ සම්ප්‍රදායන් හතරක් මේ වනවිට හදාරලා තියෙනවා. ඒ වගේම මම ගොඩක්ම ආසයි පීනන්න. මම ඇවිදින්නත් ආසයි. ලස්සන තැන් බලන්න ආසයි. සීතල පළාත්වලට වගේම උඩුදුම්බර පළාතට ඉස්සර මගේ කැමැත්තක් තිබුණා. ඉස්සර නම් මම හිතන් හිටියේ ගුරුවරියක් වෙන්න. ඒත් දැන් ඒ අදහස රංගනය හින්දා වෙනස් වෙලා.”

May be a close-up of one or more people and jewellery

ඉතින් මේ දක්ෂ වගේම හැමෝගෙම ආදරය නොමඳව ලැබෙන දිල්හානිට අපිත් ඉදිරි ගමන වෙනුවෙන් සුබ පතනවා.

Share This