මගී යාත්‍රාවක් ගිනි ගැනීමෙන් පිලිපීනයේ 28 දෙනෙක් ජීවිතක්ෂයට

මගී යාත්‍රාවක් ගිනි ගැනීමෙන් පිලිපීනයේ 28 දෙනෙක් ජීවිතක්ෂයට

මගී යාත්‍රාවක් ගිනි ගැනීමෙන් පිලිපීනයේ 28 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

ජීවිතක්ෂයට පත් වූවන් අතර අතරට මාස 6ක් වයසැති බිළිඳෙකු ඇතුළු දරුවන් තිදෙනෙක් ඇතුළත් බවයි වාර්තා වන්නේ.

ඊයේ (29) රාත්‍රී එම යාත්‍රාවේ වායුසමීකරණ කුටීර තුළින් ගින්ව ආරම්භ වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

යාත්‍රාවේ සිටි තවත් 230 දෙනෙක් බේරාගැනීමට සහන කණ්ඩායම් සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිඳුරටත් සඳහන් කර තිබෙනවා.

Share This