භාවනා කරන්න නේපාලයට ගි‍ය බොලිවුඩ් තරුව

භාවනා කරන්න නේපාලයට ගි‍ය බොලිවුඩ් තරුව

බොලිවුඩයේ අතිශයින් ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පියෙකු වුන ආමිර් ඛාන් මේ දවස් වල ඉන්නේ නේපාලයට ගිහිල්ලා.

ඒ චිත්‍රපටි රූපගත කිරීමක් වෙනුවෙන් නම් නෙවේ.

ආමීර් මේ ගමන ගිහින් තියෙන්නේ භාවනා කරන්න කියලා තමයි ආරංචි වෙන්නේ.

සති දෙකක කාලයක් ඉන්දියාවෙන් පිටත් වෙලා නේපාලයට ගිය ආමීර් විපස්සනා භාවනා වැඩසටහනකට සහභාගී වෙලා තියනවා.

ආමීර් මේ විදිහට ආධ්‍යාත්මික සුවයක් බලාපොරොත්තුවෙන් භාවනා කරන්න යොමු වෙලා තියෙන්නේ ඔහුගේ සිනමා ජීවිතයේ හැලහැප්පීම් ගොඩාක් වුන කාලයක වීමත් විශේෂත්වයක් වෙනවා.

මෑත කාලයේ තිරගත වුන ආමීර් ඛාන් රංගනයෙන් දායක වුන “ලාල් සිං චඩ්ඩා” නැමති සිනමාපටය අසාර්ථක වීම ඔහුගේ සිනමා ජීවිතයේ පසුතැවීම් ගොඩකට හේතු වෙලා තියනවා කියලා තමයි බොලිවුඩ් ගොසිප් වාර්තා කරලා තියෙන්නේ.

Share This