
බොර තෙල් මිල පහළට
අද(13) දින ලෝක වෙළදපොළෙහි බොරතෙල් බැරලයක මිල පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 85.65ක් ලෙසද වෙස්ට් ටෙක්සාස් ඉන්ටමීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 78.99ක් ලෙසද පහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අමෙරිකාවේ උද්ධමනය පාලනය කිරීම සඳහා එරට මහ බැංකු බලධාරීන් පොලි අනුපාතික ඉහළ දමා ඇති පසුබිමක ඉල්ලුම අඩුවීමෙන් බොර තෙල් මිල පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.