බොරැල්ල බෝම්බයේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්.

බොරැල්ල බෝම්බයේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්.

බොරැල්ල දේවස්ථානයක තිබී අත්බෝම්බයක් සොයාගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් සැකකරු අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

එහිදී අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළේ සැකකරු ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර කරන ලෙසයි.

බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඉන් 3 දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන බව එහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර තිබෙනවා.

TAGS
Share This