
බිළිඳා දුම්රියේ දමා ගිය මා පිය යුවළ රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ
මීනගයා දුම්රියේ වැසිකිලියක බිළිඳා දමාගිය දෙමාපියන් ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය අද නියෝග කළා.
මඩකලපුව බලා ධාවනය කිරීමට සූදානම්ව කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නවතා තිබූ මීනගයා දුම්රියේ වැසිකිලියක දමාගොස් තිබියදී මෙම බිළිඳා හමුවූයේ පෙරේදා දිනයේදියි.
සිද්දියට සම්බන්ධ 26 හැවිරිදි පියා කොස්ලන්ද ප‍්‍රදේශයේදීත් 25 හැවිරිදි මව බණ්ඩාරවෙල ප‍්‍රදේශයේදීත් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.