
බාහිර ණය හිමියන්ට ජනපතිගෙන් සහතිකයක්
මෙරට ණය අර්බුදය විසඳීමටත් ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමටත් පූර්ණ විනිවිඳභාවයක් පවත්වා ගන්නා බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා මෙරට බාහිර ණයහිමියන්ට ප‍්‍රකාශ කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ විවෘත ලිපියක් යොමුකරමින් ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කර ඇති බවයි.
එසේම ද්වීපාර්ශවික සහ පෞද්ගලික ණය හිමියන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් රාජ්‍ය ණය අර්බුදය කඩිනමින් විසඳාගැනීම සඳහා ශ‍්‍රී ලංකාව සමග සාධනීයව කටයුතු කරන ලෙසට ජනාධිපතිවරයා සිය ලිපිය මගින් ණයහිමියන් දිරිමත් කර තිබෙනවා.