බ්‍රසිලයේ විලකට කන්දක් කඩා වැටෙයි – 05 ක් මරුට,   20 ක් අතුරුදන්.

බ්‍රසිලයේ විලකට කන්දක් කඩා වැටෙයි – 05 ක් මරුට, 20 ක් අතුරුදන්.

ගිණිකොණදිග බ්‍රසීලයේ, ෆර්නාස් විලේ සංචාරක බෝට්ටු කිහිපයක් මතට කඳු බෑවුමක කොටසක් කඩා වැටීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරෙන් තවත් 20 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති අතර 30 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

සහන මෙහෙයුම් කණ්ඩායම් සඳහන් කළේ එක් බෝට්ටුවක් ගිලී ගොස් ඇති බවයි.

මිනාස් ජෙරායිස් කලාපයට දින කිහිපයක සිට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් කඳු බෑවුම් කඩා වැටීමේ අවදානමක් පවතින බවටයි බ්‍රසීල ආපදා කළමණාකරණ අංශ අනතුරු අඟවා ඇත්තේ.

Share This