බස්නාහිර විශේෂ මෙහෙයුමක්

බස්නාහිර විශේෂ මෙහෙයුමක්

බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදුකළ විශේෂ මෙහෙයුමකට අදාලව සැකකරුවන් 816 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ පෙරවරු 8 සිට පැය අටක කාලයක් මෙම මෙහෙයුම සිදු කල බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරට විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 17ක්, අධිකරණය මඟ හරිමින් සිටි වරේන්තුකරුවන් 49ක් සහ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 665 දෙනෙකු අයත්.

Share This