බලශක්ති අර්බුදයට ඉන්දියාව සීරුවෙන්

බලශක්ති අර්බුදයට ඉන්දියාව සීරුවෙන්

ගල් අඟු‍රු මිල ඉහළ යාම සහ සැපයුම් අඩාල වීම හේතුවෙන් පැන නැගී ඇති බලශක්ති අර්බුදය පිළිබදව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ රැස්වීමක් පැවැත්වෙනවා.

ඒ සඳහා භාරතීය ජනතා පක්ෂ රජයේ ප්‍රබලයෙකු වන ස්වදේශ කටයුතු අමාත්‍ය අමිට් ෂා මෙන්ම ගල් අගුරු සහ බලාගාර අමාත්‍යවරුන් එක්වීමට නියමිතයි.

ඉන්දියාවේ විදුලිබල උත්පාදනයෙන් සියයට 70 ක්ම සිදු කෙරෙන්නේ ගල් අඟු‍රු බලාගාර මඟින්.

කෙසේ වෙතත් ගල් අඟු‍රු මිල ඉහළ යාම සහ හිඟය හේතුවෙන් ඒවායේ බලශක්ති ජනනය පහත වැටී තිබෙනවා.

ලෝක වෙළදපොළේ ගල් අඟු‍රු මිල මේ වනවිට වාර්තාගත අන්දමින් ඉහළ ගොස් ඇති අතර, ඉන්දියාවේ තාප බලාගාර විදුලි උත්පාදන පිරිවැය වසර 12කින් උපරිම අගයට පැමිණ තිබෙනවා.

Share This