බයිඩ්න් බ්‍රිතාන්‍යයේ සිට රුසියාවට අනතුරු අගවයි

බයිඩ්න් බ්‍රිතාන්‍යයේ සිට රුසියාවට අනතුරු අගවයි

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සිය පළමු විදෙස් සංචාරය වන එක්සත් රාජධානියට පැමිණි අවස්ථාවේ රුසියාවට අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා.
හානිකර ක්‍රියාකාරකම්වල නිරත වුවහොත් ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවනු ඇති බවයි හෙතෙම සඳහන් කර ඇත්තේ.
අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ අමෙරිකාව සමග කළාපීය සබඳතා ශක්තිමත් වී ඇති බවයි.
ජෝ බයිඩ්න් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සමග නව අත්ලාන්තික් ගිවිසුමකට එළඹීමට නියමිතව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඒ යටතේ දේශගුණික විපර්යාස ඇතුළු අභියෝග කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ඇති.

Share This