බයිඩ්න්ගෙන් ලොවටම එන්නත් මිලියන 500 ක්

බයිඩ්න්ගෙන් ලොවටම එන්නත් මිලියන 500 ක්

ඉදිරි දෙවසර ඇතුළත ෆයිසර් කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 500 ක් ලොව පුරා රටවල් සියයකට පමණ බෙදා හැරීමට අමෙරිකාව සූදානම් බව එරට මාධ්‍ය වාර්තා පවසනවා.

මෙම වසරේ දී ඉන් මාත්‍රා මිලියන දෙසීයක් බෙදා හැරීමටයි සැලසුම් කර ඇත්තේ.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පළමු විදේශීය සංචාරය අතරතුර දී මේ පිළිබඳ මාධ්‍ය වාර්තා පළ වුව ද ධවල මන්දිරය මෙතෙක් ඒ පිළිබඳ නිල වශයෙන් කරුණු දක්වා නැහැ.
අමෙරිකානු ජනාධිපතිවරයා බ්‍රිතාන්‍යය සංචාරයේ දී අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සමග පශ්චාත් කොවිඩ් යුගය සම්බන්ධ ප්‍රතිපත්තියකට අත්සන් කිරීමට නියමිතයි.

Share This