
බයිඩ්න්ගෙන් යුකේ‍්‍රනයට තවත් ඩොලර් මිලියන 800 ක යුධ ආධාර
යුක්රේනයට තවත් ඩොලර් මිලියන 800 ක යුධ ආධාර ලබාදීමට සැලසුම් කර ඇති බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා.
විදෙස් වාර්තා සඳහන් කලේ ජෝ බයිඩ්න් බලයට පත්වූ දා සිට ලබා දී ඇති යුධ ආධාර ප්‍රමාණය ඩොලර් බිලියන 7 කට ආසන්න බවයි.
යුක්රේනයේ නැගෙනහිර ඩොන්බාස් කලාපයට රුසියාව විසින් අඛණ්ඩව ප්‍රහාර එල්ල කිරීම හමුවේ යුකේ‍්‍රන යුධ ආධාරයන්ට නවීන ගුවන් ආරක්ෂක පද්ධති සහ කාලතුවක්කු ද ඇතුළත් වනු ඇති බවයි අමෙරිකානු ජනාධිපතිවරයා අනාවරණ කර ඇත්තේ.
මෙම ආධාර යුක්රේනය ගොඩනැංවීමට අනෙකුත් රාජ්‍යයන් පෙළඹවීමක් බව ද ජෝ බයිඩ්න් සඳහන් කර තිබෙනවා.