බන්සාලිගේ අලුත් චිත්‍රපටයට ජනප්‍රිය තරු දෙකක්.

බන්සාලිගේ අලුත් චිත්‍රපටයට ජනප්‍රිය තරු දෙකක්.

සංජය ලීලා බන්සාලි කියන්නේ ඉන්දීය සිනමාවේ සම්මාණනීය සිනමා අධ්‍යක්ෂකවරයෙක්.

සංජය ලීලා බන්සාලි අධ්‍යක්ෂණය කළ ගංගුබායි කතියාවාදි චිත්‍රපටය මේ වසර මුලදී ආදායම් වාර්තා බිදහෙලමින් ඉන්දීය රුපියල් කෝටි 200කට වඩා වැඩි ආදායමක් උපයාගන්නට සමත් වූණා.

ඒ වගේම ඔහුගේ පද්මාවතී චිත්‍රපටය ඉන්දීය සිනමා රසිකයන් වගේම මෙරට සිනමා රසිකයන් අතරත් මතකයේ රැදුන සිනමා පටයක් බවට පත් වුණා.

මේ වනවිට සිය අලුත්ම චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කරන්නට සංජය ලීලා බන්සාලි සූදානම් වෙමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.

මෙවර ඔහුගේ චිත්‍රපටයට එකතු වන්නේ වර්තමානයේ අතිශය ජනප්‍රිය තරුණ නළුනිළි යුවළක් වූ ආදිත්‍යා රෝයි කපූර් හා ක්‍රිති ෂැනොන් දෙදෙනා.

ආදිත්‍ය මීට පෙර බන්සාලිගේ ගුෂාරිස් චිත්‍රපටය සඳහා එකතු වී තිබෙනවා.

නමුත් ක්‍රිති ෂැනොන් බන්සාලිගේ චිත්‍රපටයක රංගනයෙන් දායක වන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක් බවයි ඉන්දීය සිනමා විචාරකයන් පවසන්නේ.

Share This