බදියුදීන්ගේ නිවසේදී දැරියක් මියයාමේ සිද්ධියට තවත් 6 දෙනෙකුගෙන් ප්‍රකාශ.

බදියුදීන්ගේ නිවසේදී දැරියක් මියයාමේ සිද්ධියට තවත් 6 දෙනෙකුගෙන් ප්‍රකාශ.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවයේ යෙදී සිටියදී 16 හැවිරිදි බාල වයස්කාර දැරියක පිළිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් හයදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

හෙතෙම කියා සිටියේ මියගිය දැරියගේ මව, සුළු පියා, සහෝදරයා, සහෝදරිය සහ දැරිය මෙම නිවසට රැගෙන ආ තැරැව්කරු විසින් මීට පෙර කැඳවාගෙන එනු ලැබූ තරුණියන් දෙදෙනෙකුගෙන් මෙලෙස ප්‍රකාශ ලබාගත් බවයි.

මේ අතර, මෙම දැරිය මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් තම අමාත්‍යාංශය මගින් ද විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ප්‍රකාශ කළා.

Share This