බටහිර සහ ගිනිකොණදිග මුහුදු ප‍්‍රදේශ වල සුළගේ වේගය ඉහළට

බටහිර සහ ගිනිකොණදිග මුහුදු ප‍්‍රදේශ වල සුළගේ වේගය ඉහළට

කන්කසන්තුරයේ සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශ වල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 55 දක්වා ඉහළ යා හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ සුළඟත් සමඟ මීටර් 2.5 ඉක්මවන උස් රළ ඇතිවීමේ අවධානමක් පවතින බැවින් එම ප‍්‍රදේශ වල ධීවර සහ නාවික කටයුතුවල යෙදීමේ දී සැලකිලිමත් වන ලෙසයි.

අදාල මුහුදු ප‍්‍රදේශ ඉතා රළු ස්වභාවයක් ගන්නා බව ද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

Share This