බටහිර ඉන්දීය කොදෙව්වන් සමග චරිත් අසලංකට ටෙස්ට් වරම් හිමි නොවෙයි.

බටහිර ඉන්දීය කොදෙව්වන් සමග චරිත් අසලංකට ටෙස්ට් වරම් හිමි නොවෙයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග හෙටආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී චරිත් අසලංකට ටෙස්ට් වරම් හිමි නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න අද තහවුරු කළා.

පළමු තරගයේ දී පැතුම් නිස්සංක තමා සමගින් ඉනිම ආරම්භ කිරීමට නියමිත බවයි ඔහු අද පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළේ.

අංක 3 පිතිකරු ලෙස ඕෂද ප්‍රනාන්දු ද, කඩුලු රකින පිතිකරුවා ලෙස දිනේෂ් චන්දිමාල් ද කටයුතු කරනු ඇති බව දිමුත් කියා සිටියා.

මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිතිකරුවන් 6 දෙනෙකු හා පන්දු යවන්නන් 5 දෙනෙකු සමගින් ක්‍රීඩා කිරීමට නියමිතයි.

දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, ඕෂද ප්‍රනාන්දු, ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් හා ධනංජය ද සිල්වා පිතිකරුවන් අතරට අයත්
ලසිත් ඇඹුල්දෙණිය, ප්‍රවීන් ජයවික්‍රම හා රමේෂ් මෙන්ඩිස් දඟ පන්දු යවන්නන් ලෙසද සුරංග ලක්මාල් හා දුෂ්මන්ත චමීර වේග පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක් වන බවයි නායක දිමුත් කරුණාරත්න කියා සිටියේ.

පළමු ටෙස්ට් තරගය හෙට පෙරවරු 10ට ගාල්ලේ දි ආරම්භ වීමට නියමිතයි.

Share This