
ප‍්‍රහාරයක් එල්ල කළ බවට වන රුසියානු චෝදනා අමෙරිකාව ප‍්‍රතික්ෂේප කරයි
රුසියාවේ බෙල්ගෙරෝද් වෙත ප‍්‍රහාරයක් එල්ල කළ බවට වන චෝදනා අමෙරිකාව විසින් ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.
පසුගියදා රුසියානු යුක්‍රේන දේශසීමාවේ පිහිටි බෙල්ගෙරෝද් ප‍්‍රදේශයට කිසියම් කණ්ඩායමක් විසින් ප‍්‍රහාරයක් එල්ලකර තිබූ අතර එය සාර්ථකව මැඩ පැවැත්වීමට රුසියානු හමුදාවන් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එම ප‍්‍රහාරය එල්ල කළ සන්නද්ධ කණ්ඩායම අමෙරිකාවේ නිෂ්පාදිත අවි ආයුධ භාවිතා කර ඇති බවට රුසියාව විසින් ඡායාරූප ප‍්‍රසිද්ධියට පත්කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙකු පවසා ඇත්තේ යුක්‍රේනයට සිය අවි ආයුධ ලබාදුන් නමුත් යුද්ධය මෙහෙයවනු ලබන්නේ එරට හමුදාවන් විසින් බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දෙපාර්ශවයන් අතර මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.