
ප‍්‍රමිත බණ්ඩාරට සහ රංජිත් සියඹලාපිටියට වැඩබල අමාත්‍යධූර
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත්කර තිබෙනවා.
එසේම මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාද වැඩබල මුදල් අමාත්‍යවරයා ලෙස පත්කර ඇති බවයි ජනාධිපති කාර්යාලය නිවේදනය කළේ.
අදාළ අමාත්‍යධූර හිමි ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා සිංගප්පූරු සහ ජපාන සංචාරයක නිරතව සිටින බැවින් මෙම වැඩබලන අමාත්‍යධූර පිරිනමා තිබෙනවා.