
ප‍්‍රමිතියෙන් තොර ඖෂධ සැපයූ ඉන්දීය සමාගමකට එරෙහිව විමර්ශන
ශ‍්‍රී ලංකාවට බාල ඖෂධ සැපයූ බවට චෝදනා එල්ල වී ඇති ඉන්දීය ඖෂධ සමාගමක් සම්බන්ධයෙන් එරට මධ්‍යම ඖෂධ ප‍්‍රමිති පාලන ආයතනය විමර්ශනයක් ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
ගුජරාට් හි පිහිටි ඉන්දියානා නම් මෙම ඖෂධ සමාගම විසින් සැපයූ, අක්ෂි ආබාධ සඳහා යොදාගනු ලබන ඖෂධයක් භාවිතා කළ මෙරට පුද්ගලයින් 30 දෙනෙකුට විවිධ ආසාත්මිකතා ඇතිවූ බවට ශ‍්‍රී ලංකා රජය විසින් එරට රජය වෙත දැනුම් දී තිබුණා.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා චෝදනා එල්ල වූ සමාගමට කැඳවීමක් සිදුකර ඇති ඉන්දීය ඖෂධ අපනයන කවුන්සිලය, සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකිරීමට ද නියෝග කර ඇති බව සඳහන්.