
ප‍්‍රබළ ජපන් සමාගමක් ශ්‍රී ලංකාව හැර යයි.
කීර්තිමත් ජපාන සමාගමක් වූ මිට්සුබිෂි සමාගම ලබන මාසයේ දී ලංකාවේ මෙහෙයුම් කටයුතු අවසන් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
ඊට ප‍්‍රධාන හේතුව බවට පත්ව ඇත්තේ ශ‍්‍රී ලංකාව බාහිර ණය ගෙවීම අත්හිටුවීම සහ ජපානය මෙරට තුළ දියත් කිරීමට සැලසුම්කර තිබූ සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කිරීම වැනි ව්‍යාපෘති කිහිපයක් අවලංගු කිරීම බව අදාළ වාර්තාවල සදහන්.
මේ අතර ජපානය සහ ශී‍්‍ර ලංකාව අතර පැවති මිත‍්‍රත්වය බිද වැටී ඇති අතර එය යළි ගොඩ නගා ගැනීම සදහා ශ‍්‍රී ලංකාව පාර්ශ්වයෙන් දැඩි වෙහෙසක් දැරීමට සිදුවනු ඇති බව මෙරට ජපාන තානාපති කාර්යාලය උපුටා දක්වමින් අද දිනයේ පුවත්පත් කිහිපයක් වාර්තා පලකර තිබුණා.