ප‍්‍රදේශ කිහිපයකට ගංවතුර අවධානමක්

ප‍්‍රදේශ කිහිපයකට ගංවතුර අවධානමක්

කළු ගඟ, රත්නපුර සහ බුලත්සිංහල ප‍්‍රදේශවල දී සුළු ගංවතුර මට්ටමක් දක්වා වර්ධනය වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම අත්තනගලු ඔය – ගිං ගඟ – කැළණි ගඟ – කලු ගඟ – නිල්වලා ගඟ සහ බෙන්තර ඔයේ ස්ථාන කිහිපයක් අවධානම් මට්ටමක පවතින බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් රත්නපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ කිහිපයකට බලපා ඇති ගංවතුර අවධානම තවදුරටත් පැවතිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම කළුගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශ වන මිල්ලනිය, මදුරාවල සහ හොරණ යන ප‍්‍රදේශ වල ජීවත් වන ජනතාවද අවධානෙන් පසුවිය යුතු බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

Share This