
ප‍්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව ඉදිරියට
වෙළඳපොළ පොලී අනුපාත තීරණය කරන ප‍්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව, වාණිජ බැංකු විසින් මහ බැංකුවේ කරනු ලබන තැන්පතු සඳහා ගෙවන පොලිය හෙවත් නිත්‍ය තැන්පතු අනුපාතිකය සියයට 14 යි දශම 5 ක් ලෙස තවදුරටත් පවතිනු ඇති.
එසේම ණය සැපයීමේදී අයකරනු ලබන පොලී අනුපාතිකය හෙවත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකයද සියයට 15 යි දශම 5 ක් ලෙස තවදුරටත් ක‍්‍රියාත්මක බව ශ‍්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළා.