
ප‍්‍රංශයේ විරෝධතා දරුණු වෙයි
ප‍්‍රංශයේ විශ‍්‍රාම වැටුප් ක‍්‍රමවේදය සංශෝධනයට එරෙහි විරෝධතා මේ වනවිටත් උග‍්‍ර අතට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ විරෝධතා අතරතුර පුද්ගලයින් 27 දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ප‍්‍රංශය තුළ විශ‍්‍රාම යෑමේ වයස අවුරුදු 62 සිට 64 දක්වා ඉහළ නැංවීම අත්හිටුවන ලෙසයි වෘත්තීය සමිති ඉල්ලා සිටින්නේ.
මිලියන පහකට ආසන්න විරෝධතාකරුවන් පිරිසක් පැරිස් නගරයේ විරෝධතාවලට සහභාගී වී ඇති අතර පොලිස් නිලධාරීන් 13 දහසක් පමණ විරෝධතාකරුවන් පාලනයට යොදවා ඇති බව සදහන්.