
පොහොර ආනයනයේ දී දුෂණ සිදුවී ඇත්දැයි සොයන්න කමිටුවක්
2021 මහ කන්නයේ වී වගාවට නැනෝ දියර පොහොර ආනයනය නිසා යම් දූෂණයක් සිදුවී ඇත්ද යන්න සොයා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත උසස් නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
අද කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවක දී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව සදහන් කළා.
චීන කාබනික පොහොර නැවට ඩොලර් මිලියන 6ක මුදලක් ගෙවීම මෙන්ම නැනෝ දියර පොහොර යනුවෙන් මෙරටට ආනයනය කරන ලද පොහොර නිසා රටේ කෘෂිකර්මාන්තයට කිසිදු ප‍්‍රයෝජනයක් අත් වී නැතැයි ද අමාත්‍යවරයා එහිදී පෙන්වාදුන්නා.