පොහොර අර්බුදය සහ ලොකුළුණු ගොවීන්ගේ දුක

පොහොර අර්බුදය සහ ලොකුළුණු ගොවීන්ගේ දුක

පොහොර අර්බුදය හේතුවෙන් ඇළහැර ප්‍රදේශයේ ලොකුළුණු ගොවීන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව වාර්තා වනවා.

ඔවුන් කියා සිටියේ අස්වනු සඳහා නිසි මිලක් නොලැබීමද බරපතල ගැටළුවක් වී ඇති බවයි.

එමෙන්ම පොළොන්නරුව සහ මින්නේරිය – බකමූන යන ප්‍රදේශවල අද දිනයේත් ගොවීන් විරෝධතාවල නිරත වූයේ පොහොර නොමැති බවට පවසමින්.

මේ අතර රසායනික පොහොර සදහා පණවා ඇති තහනම ඉවත් කරන මෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළා.

ඒ, කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමින්.

Share This