
පොලිසිය තුළ දී තවත් කාන්තාවක් මරුට
පානදුර උතුර පොලිසිය විසින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් කාන්තාවක් හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් මිය ගොස් තිබෙනවා.
52 හැවිරිදි මෙම කාන්තාව පානදුර දිග්ගල ප‍්‍රදේශයේ පදිංචිකාරිනියක්.
නීතිවිරෝධී මත්පැන් අලෙවි කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් මෙම කාන්තාව පොලිසියට රැගෙන එන අතරතුර හදිසියේ අසනීප වී ඇති අතර අනතුරුව ඒ බව ඥාතීන්ට දැනුම් දීමෙන් පසු ඔවුන් විසින් මෙම කාන්තාව රෝහල් ගත කිරීම සඳහා රැගෙන යන අතරතුරදීයි මිය ගොස් ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.