පොලිස් හදිසි වැටළීම් අඛණ්ඩව

පොලිස් හදිසි වැටළීම් අඛණ්ඩව

රට තුළ නීතිය සහ සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් දිවයින පුරා හදිසි මෙහෙයුම් සිදුකෙරෙන බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ සංවිධානාත්මක අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, මනුෂ්‍ය ඝාතකයින්, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙම මෙහෙයුම දියත්කර ඇති බවයි.

වරින්වර දියත් කර ඇති මෙම මෙහෙයුම් සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් 23 දහස් 168 දෙනෙකු සහ ත‍්‍රිවිධ හමුදා නිලධාරීන් 531 දෙනෙකුගේ සහය හිමිව තිබෙනවා.

මෙම මෙහෙයුම සඳහා පොලිස් මාර්ග බාධක 2,618ක් යොදා ඇති අතර පරීක්ෂා කිරීම්වලදී මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් 622 දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

වරෙන්තුකරුවන් 1,662ක්, සැකපිට පුද්ගලයින් 1,516ක්, බීමත් රියදුරන් 732ක්, විවිධ වැරදි සම්බන්ධයෙන් 1,157ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සැකකරුවන් සංඛ්‍යාව 5,689ක්

Share This