පොලිස් රාජකාරියට බාධා කළ 03 දෙනෙකු අත්අඩංගුවට

පොලිස් රාජකාරියට බාධා කළ 03 දෙනෙකු අත්අඩංගුවට

කැළණිය පට්ටිය හන්දිය ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ ගුවන් පාලම අසළ රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ රාජකාරියට බාධා කළ 03 දෙනෙකු කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන්ගෙන් එක් අයෙකු 51 හැවිරිදි කාන්තාවක් වන අතර අනෙකුත් දෙදෙනා 20 හා 22 වයස් වල පසුවන පට්ටිය හන්දිය ප‍්‍රදේශයේ පදිංචිකරුවන්.

අදාළ පොලිස් කොස්තාපල්වරයා උදෑසන රථ වාහන හැසිරවීමේ රාජකාරීවල යෙදී සිටිය දී හිස් වැසුම් නොමැතිව යතුරු පැදියකින් ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු දැක එය නවතා පරීක්ෂා කිරීමට සූදානම් වී තිබෙනවා.

එහිදී එම ස්ථානයට පැමිණි කාන්තාවක් පොලිස් නිලධාරියා සමග ආරවුලක් ඇති කරගෙන ඔහුට පහර දී ඇති අතර ඉන් තුවාල ලැබූ කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබනවා.

Share This